බලපෑම් කරන්න සෞදියට බෑ



 

අරාබි රටවලට බලපෑම් කිරීමට සෞදිය උත්සාහ ගන්නා නමුත් ඔවුන්ට එය කළ නොහැකි බව කටාර් රාජ්‍යය වෙනුවෙන් එරට විදේශ ඇමැති මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානි කියයි.

කටාර් විදේශ ඇමැතිවරයා මෙසේ කියා සිටියේ කුවේටයේ සමුළුවකට එක් වෙමිනි. සමුළුව පැවැත්වූයේ යුද ගැටුම් අවසන් වීමෙන් පසු ඉරාකය යළි ගොඩ නැගීම සම්බන්ධයෙනි.

සෞදි විදේශ ඇමැතිවරයා වන අබ්දෙල් අල් ජුබීර් ද මෙම සමුළුවට සහභාගී වී සිටියේය.

සිරියානු අර්බුදයට ද සෞදිය මැදිහත් වීමට සූදානම් වෙයි. ඒ වෙනුවෙන් සෙසු අරාබි රටවල සහාය ලබා ගැනීමට සෞදිය උත්සාහ ගනී. මෙය කටාරයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS