සිරියා ජනපති ඉරානයට ලියයි



සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනිට ස්තුති කරමින් ලිපියක් යවා ඇත.

සිරියානු අර්බුදයේ දී, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට ඉරානය සහාය පළ කරයි. ඉරානය ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන අතර අසාද්ගේ රජය ද ෂියා මුස්ලිම්ය.

විපක්ෂ කණ්ඩායම්වලට සහ ඔවුන්ට හිතවත් සුන්නි ත්‍රස්තවාදීන්ට තමාගේ  රජය පෙරළා දැමීමට නොහැකි වූයේ ඉරානය තමන්ට සහාය දන්වමින් අර්බුදයට මැදිහත් වූ නිසා යැයි අසාද් යැවූ ලිපියෙහි සඳහන් වෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS