තුර්කි ජනපති හමුවෙලා



පළමු ලෝක යුද්ධය නිමා වී වසර 100 ක් ගත වීම නිමිත්තෙන් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන සැමරුමට සමගාමීව, ඊට සහභාගී වන ලෝකනායකයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූහ. සාකච්ඡාවලට පාදක වූයේ ජමාල් කශොග්ජී ඝාතනයයි.

භෝජන සංග්‍රහයේ දී ට්‍රම්ප් අසුන් ගෙන සිටියේ ද තුර්කි ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව අසලය. ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සියලු සාක්ෂි සහ හඬපට ඇමෙරිකාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය සහ සෞදියට ලබා දීමට තුර්කි ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS