පරිගණක අපරාධ වැඩිවෙලා



කුවේටයේ පරිගණක අපරාධ2017 වර්ෂයට සාපෙක්ෂව 50%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේ මුල් මාස දහය(10) ඇතුලත පමණක් පරිගණක අපරාධ 2150ක් වාර්තා වී ඇති බව කුවේට් පරිගණක අපරාධ පිළිබඳ අධිකාරිය මෑතකදි නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර ඇත.

2017 වර්ෂය තුල පරිගණක අපරාධ 980ක් වාර්තා වු බවත් කප්පම් ගැනීම්, බිය වැද්දවීම්, අපහස කිරීම්, හිරිහැර කිරීම් සහ තවත් අපරාධ නිරන්තරයෙන් වාර්තා වන බව අධිකාරිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS