තුර්කි ජනපති ග්‍රීසියේ සංචාරයක



තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගොන් දැඩි ආරක්ෂාවක් මැද ග්‍රීසියේ සංචාරයක නියැළෙයි. වසර 65 කට පසු තුර්කි නායකයකු ග්‍රීසියේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වෙයි.

ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගොන්ගේ මෙම සංචාරය අර්බුදකාරී එකක් වී ඇති අතර, ග්‍රීක වැසියන්ගෙන් ඊට විරෝධයක් ද එල්ල වී තිබේ.

1923 වසරේ දී පළමු ලෝක යුද්ධය අවසන් වෙද්දී, ලවුසේන් ගිවිසුම යටතේ තුර්කියත් ග්‍රීසියත් අතර දේශසීමා පිහිටුවිණි.
ජනාධිපති එර්ඩොගොන් පවසා ඇත්තේ එදා දේශසීමා නිසි ලෙස නිර්මාණය නොවූ බවත් එය වෙනස් කිරීමට කාලය ඇවිත් බවත්ය.

මෙම ප්‍රකාශයට ග්‍රීක ජනාධිපති ප්‍රොකොපිස් පැව්ලෝපොලස්ගේ දැඩි විරෝධයක් එල්ල විය. කිසිම අවස්ථාවක ලවුසේන් ගිවිසුම වෙනස් නොකරන බවත් දේශසීමා වෙනස් නොකරන බවත් හෙතෙම පවසා තිබේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS