ඉල්ලීම නේටෝව ප්‍රතික්ෂේප කරයි



නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කර ඇති නමුත්, නේටෝ සංවිධානය පවසා ඇත්තේ කටාරයට සාමාජිකත්වය ලබා දිය නොහැකි බවය.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව, කටාර් රාජ්‍යයට පෙන්වා දී ඇත්තේ, නේටෝව බටහිර රටවල සාමාජිකත්වයෙන් පිහිටුවූ හමුදාමය සංවිධානයක් බවත්, කටාර් වැනි මැදපෙරදිග රටකට එහි සාමාජිකත්වය ලබාදීමට නොහැකි බවත් නේටෝ සංවිධානය කටාරයට දන්වා ඇති බව වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS