ඉරානයට සහනයක්



ඉරානයෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා රටවල් කිහිපයකට තාවකාලික සහන කිහිපයක් ලබා දීමට තීරණය කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.

කොන්දේසි කිහිපයක් මත එම සහන ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය.
එහෙත් මෙම සහන යුරෝපා සංගමයේ කිසිදු රටකට නොලැබෙන බව මයික් පොම්පෙඕ කීය.

තුර්කියට ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි බලශක්ති අමාත්‍ය ෆාටි දොන්මේස් කීය.

හර්ෂණ තුෂාර

(රොයිටර්)


RECOMMEND POSTS