සියෙරා ලියොන් ජනපති කටාරයේ



සියෙරා ලියොන්, සයිප්‍රස් සහ ඉතාලිය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තරකර ගැනීමටත්, නව ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටත් කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සමත් විය.

සියෙරා ලියොන් ජනාධිපති අර්නස්ට් බායි කොරෝමා සහ කටාර් එමීර්වරයා අතර හමුව පැවැතියේ එමීර් දිවාන් රජ මාලිගයේදීය. සියෙරා ලියොන් ජනපතිවරයාට කටාර් එමීර්වරයාගෙන් ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

කටාරය සහ සියෙරා ලියොන් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කිරීමට, මෙම හමුව ඉවහල් වුණැයි ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය කියයි.

දෙරට සහයෝගීත්වය වර්ධනය කර ගැනීමට ඉවහල් වන ආකාරයට ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්, ජාත්‍යන්තරව මෙන්ම කලාපීය වශයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

වෙළෙඳ, ආර්ථික, කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට කටාර් එමීර්වරයාත්, සියෙරා ලියොන් ජනපතිවරයාත් කටයුතු කළහ.

අප්‍රිකා රාජ්‍යයක් වන සියෙරා ලියොන් රාජ්‍යය පසුගිය කාලයේ ජල ගැලීම්වලින් බැටකෑවේය. ඊට අමතරව, ඉබෝලා වසංගතයට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී, කටාර් එමීර්වරයාගේ මැදිහත් වීමෙන්, කටාරය සියෙරා ලියොන් රාජ්‍යයේ සහන සේවා කටයුතු රැසකට දායක විය.

එම සහන සේවා සම්බන්ධයෙන්, කටාර් එමීර්වරයාට ස්තුති පුද කිරීමට, සියෙරා ලියොන් ජනාධිපති අර්නස්ට් බායි කොරෝමා මෙය අවස්ථාවක් කර ගත්තේය.

සියෙරා ලියොන් ජනාධිපති පිළිගැනීම සිදුවූයේ හමුදා ගෞරව මධ්‍යයේය. එමීර්වරයා සියෙරා ලියොන් ජනාධිපති වෙනුවෙන් දිව භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. සියෙරා ලියොන් ජනපතිවරයා සමඟ විශේෂ නියෝජිත පිරිසක් ද කටාරයට පැමිණ සිටියහ.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS