සරණාගත කඳවුරේ බෝම්බ පිපිරේ



ලෙබනන් සිරියානු දේශසීමාවේ, ලෙබනනයට අයත් ප්‍රදේශයේ පිහිටුවා ඇති සිරියානු සරණාගතයන්ගෙන් පිරි සරණාගත කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

ලෙබනන් ආරක්ෂක අංශ පැවැසුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පස් දෙනකු පැමිණි බවය. ප්‍රහාරයෙන් මහා විනාශයක් සිදු නොවුණු නමුත් පස් දෙනෙක් බරපතල තුවාල ලැබූහ. එක් දැරියක් සහ ලෙබනන් හමුදා සොල්දාදුවෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බෝම්බකරුවන් අයි.එස් හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් බවත්, සිරියානු රජයේ හමුදා ප්‍රහාරවලින් බේරී පලා යමින් සිටි ඔවුන් ද සෙසු සරණාගතයන් සමඟ සරණාගත කඳවුරේ සැඟවී ජීවත් වී ඇත.

ලෙබනන් හමුදාව හදිසි මෙහෙයුමකින් කඳවුර වටලා සුන්නි මුස්ලිම් අයි.එස්. සාමාජිකයන් සිටීදැයි සොයා බලද්දී මෙම පිපිරීම් සිදුවිය. ලෙබනන් හමුදාව කළ වැටලීමෙන් සැකපිට 350 ක පිරිසක් අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS