අනතුරු ඇඟවීමේ පද්ධති සවිකරයි



සෞදි අරාබියේ ප්‍රධාන නගර කීපයක නියමු ව්‍යාපෘතියක් ලෙස පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සවිකිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මුල් අදියරයේදි රියාද්, අල්-කාජ්, අල්-දරියා සහ නැගෙනහිර පළාතේ පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සවිකිරීමට සෞදි මහජන ආරක්ෂක අධිකාරිය කටයුතු කර ඇත.

ව්‍යාපෘතිය සාර්ථකත්වය අනුව ගම්, නගර, ආණ්ඩුකාර ප්‍රදේශ, පළාත්ආවරණය වන පරිදිපූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සවිකිරීමට කටයුතු කරන බව සෞදි මහජන ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ලුතිනන් ජෙනරාල් සුලෙයිමාන් බින් අබ්දුල්ලා අල්-අම්රෝ ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS