කුවේට් මුහුදට අමුත්තෝ ඇවිල්ලා



ක්ෂීරපායී සාගර ජීවියකු වන කිලර් වේල් (මරු තල්මසා) නමින් හඳුන්වනු ලබන තල්මස් රංචුවක් කුවේටයේ අල්-ජාලා නගරයේ නාවික හමුදා කඳවුරට අයත් මුහුදු සීමාවට පැමිණ ඇතැයි අල්-රායි පුවත්පත වාර්තා කරයි.

කුවේට් කිමිදුම් කාණ්ඩායමක් තල්මසාව මුලින්ම දැක තිබෙන අතර තල්මසාව වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කිරීමට කිමිදුම් කණ්ඩායම කටයුතු කර ඇත.

වෙරළාශ්‍රිත ප්‍රදේශයේ සිටින ජනතාවට සහ ධීවරයන්ට වඩාත් පරීක්ෂාකාරීව වන ලෙස අනතුරු ඇඟවීමක්ද කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS