නොමිලේ ඇමතුම් දුන්නාට පැසැසුම්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වෙන විශේෂ ආබාධ සහිත පුද්ගලයින්ට වීඩියෝ දුරකථන ඇමතුම් නොමිලේ ලබා ගැනීමේ ඉඩකඩ සළසා දීම බොහෝ දෙනාගේ පැසැසුමට හේතුවක් වී ඇත.

එමිරේට්ස් විදුලි සංදේශ නියාමන අධිකාරිය ට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා සිය සතුට පළ කර ඇති බව ද වාර්තා වේ.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයකට ලබාදී ඇති මෘදුකාංගය ස්ථාපිත කරගැනීමෙන් පසු එමිරේට්ස් ඩිරාම් පනහක උපරිමයකට යටත්ව විඩියෝ දුරකථන ඇමතුම් නොමිලේ ලබාගැනිමේ හැකියාව විශේෂ අබාධිත සහිත පුද්ගලයන්ට හිමිවෙයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS