කප්පම් ගැනීම් වැඩිවෙලා



අන්තර්ජාලය හරහා කප්පම් ලබාගැනීම් සැළකිය යුතු ලෙස වැඩි වී ඇති බව ඕමාන රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

සමාජ ජාල වෙබ් අඩවි හරහා කප්පම් ලබාගැනීම් 1,479ක් පසුගිය වසරේ (2017) වාර්තා වී ඇති බවත් 2018 මුල් මාස හතර ඇතුලත පමණක් කප්පම් ලබාගැනීම් 362ක් වාර්තා වු බව පොලීසිය ප්‍රකාශ කළේය.

පරිගණක හරහා සිදුකරන අපරාධවලට වසර තුනක සිරදඩුවමක්, ඕමාන් රියාල් 3,000ක් නොවැඩි දඩමුදලක් හෝ දඩුවම් දෙකම නියම කිරීමට ඕමාන් අපරාධ නීතියේ 18වැනි වගන්තියට අනුව හැකියාව පවතියි.  

සමාජ ජාල හරහා තමන් නොදන්නා පුද්ගලයන්ට තොරතුරු ලබාදීමේදි සහ හුවමාරු කිරීමේදි වඩා සැළකිලිමත් වන ලෙස  ඕමාන පොලීසිය සමාජ ජාල පරිශීලකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS