ඉරාකයේ කනගාටුව



බස්රා නුවර ඇමෙරිකන් කොන්සල් කාර්යාලය වසා දැමීමට ඇමෙරිකාව තීරණය කිරීම කනගාටුවට කරුණක් යැයි ඉරාක රජය කියයි.

ඇමෙරිකාව කොන්සල් කාර්යාලය වසා දැමීමට තීරණය කළේ ඉරාන හිතවාදී සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙනි. ඉරාක රජය පවසන්නේ ඇමෙරිකාව බොරුවට බය වී, වැරදි තොරතුරු මත එම තීරණය ගත් බවය.

ඇමෙරිකා තානාපති සහ කොන්සල් කාර්යාලවලට තමන් පූර්ණ ආරක්ෂාවක් ලබා දී ඇති බවත්, අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් ඉරාක රජය පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS