භයානකම රටවලින් 10 වැනි තැන



ලෝකයේ රිය ධාවනය කිරීම සඳහා වඩාත්ම භයානකම රටවල් අතුරින් 10 වන ස්ථානයට ඕමානය පත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කරන ලද මාර්ග ආරක්ෂාව සඳහා වන ගෝලීය තත්ත්ව වාර්තාවේ නවතම වර්ගීකරණයන්ට අනුව සඳහන් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රිය ධාවනය කිරීමසඳහා වඩාත්ම භයානකම රට ලෙස ලිබියාව පෙරමුණේ පසුවන අතරඉරාකය, ගිනි-බිසව්, දකුණුඅප්‍රිකාව, නයිජීරියාව, වෙනිසියුලාව, තායිලන්තය, ඩොමිනිකන්ජනරජයසහඑරිත්‍රියාවපිළිවෙලින් අදාල ස්ථානයන් හිමිකර ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන ලද එම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ වාර්ෂිකව සිදුවන මාර්ග අනතුරු වලින් 100,000 පමණ මියයන බවය.

ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් රිය ධාවනයකිරීමසඳහා වඩාත්ම භයානකම රට ලෙස ඕමානය නම් කර ඇති අතර රිය අනතුරු වලින් 30.4%ක ප්‍රතිශතයක් වාර්ෂිකව ජිවිතක්ෂයට පත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධනය නිකුත් කරන ලද වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS