ගෙවීම් කාඩ්පත් වලින් පමණයි



2019 ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවයට අදාල ගෙවීම් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්වලින් පමණක් සිදුකරන ලෙස ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නියෝග කර ඇති බව වාර්තා වේ.

මුදල් නෝට්ටු භාවිතය අවම කිරීමේ අරමුණින් දැනට ප්‍රධාන පෙළේ රජයේ සහ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල මුදල් ගෙවීමේ කටයුතු ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හරහා සිදුවන බව වාර්තා වේ.

නවීන තාක්ෂණය යොදාගනිමින් මුදල් ගණුදෙනු සිදුකිරීම 2016 ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කළත් අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය කටයුතු නොකළේය.

දීර්ඝ කාලීන මුලෝපායික සංකල්පයක් ලෙස 2026 වනවිට සම්පූර්ණයෙන්ම මුදල් නේට්ටු භාවිතයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS