නේටෝවට එක්වන්න කටාරය සූදානම්



උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට තමන් කැමැති බව කටාර් රාජ්‍යය කියයි.

කටාර් රාජ්‍යය වෙනුවෙන් මේ බව කියා සිටියේ එරට ආරක්ෂක ඇමැති කලීඞ් බින් මොහොමද් අල් අටියා ය.

ඒ, සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව කටාරය හුදෙකලා කිරීමට සම්බාධක පනවා වසරක් ගත වීම වෙනුවෙන් පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.

සාමාජික රටවල් 29 කින් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සැඳුම්ලත්ය. නේටෝ සංවිධානයට දැනටමත් ශක්තිමත් මිතුරකු ලෙස සිටින්නේ කටාරය යැයි ද කටාර් ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් කටාරයට චෝදනා කරමින්, එම රටවල් එක් වී කටාරයට අංශ කිහිපයකින් සම්බාධක පැනැවීය. ඒ, පසුගිය වසරේ ජූනි මස 5 වැනිදාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS