සාක්ෂි අධ්‍යයනය කරලා



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට අදාල සියලු සාක්ෂි ඇමෙරිකාවට ලැබී ඇති බවත්, ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී ජීනා හැස්පෙල් එම සාක්ෂි සියල්ල අධ්‍යයනය කර ඇති බවත් වාර්තා වේ.

කශොග්ජී ඝාතනය වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. කපා කොටා ඔහු මරා දැමුණු බවට සාක්ෂි ලැබී ඇති අතර, සිරුරු කොටස් තවමත් හමුවී නැත.

ඇමෙරිකා ජනාධිපතිගේ උපදෙස් පරිදි සී.අයි.ඒ. ප්‍රධානී ජීනා හැස්පෙල් තුර්කියට පැමිණ ඇති බවත්, තුර්කි බලධාරීන් සමඟ එක් වී, සාක්ෂි අධ්‍යයනය කළ බවත් පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS