ලිංගික යෝජනාවක් කරලා



කුවේට් තරුණයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගත් තරුණියන්දෙදෙනෙක්ට වසර පහළොවක සිරදඩුවමක් ලබාදෙන ලෙස කුවේට් අපරාධ අධිකරණය නියෝග කර ඇත. 

තරුණියන් දෙදෙනා සමඟ ලිංගිකව එක්වීමට මුදල් රැගෙන නිවසට පැමිණෙන ලෙස තරුණයන්ට ප්‍රකාශ කර ඇත.

තරුණයන් මුදල් රැගෙන පැමිණි පසු ලිංගිකව එක්වන බවට බොරුවට අඟවමින් නිරුවත් කර වීඩියෝ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළහොත් ලබාගත් වීඩියෝ දර්ශන සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන බවට තර්ජනය කර පහර දී මුදල් සියල්ල සොරාගෙන ගන්නා බව මුලික විමර්ෂණවලදී පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

තවත් පුද්ගලයින් කීපදෙනෙක් සිද්ධියට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති අතර සියලු කරුණු සැළකිල්ලට ගනිමින් තරුණියන් දෙදෙනාට විරුද්ධව අපරාධ අධිකරණය අදාල නියෝගය ලබාදීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS