ලෙබනන් හමුදාපති ජෝර්දානයේ



ලෙබනන් හමුදාපති, ලුතිනන් ජෙනරාල් මහමුද් ෆයිහත්ව ජෝර්දාන් ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ජෙනරාල් ජෝශප් අරුන් ඉතා උණුසුම් ආකාරයෙන් ඔක්තෝබර් 01 දින පිළිගත් බව ජෝර්දාන් මාධ්‍ය වාර්තා කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

හමුදාපතිවරුන් දෙදෙනා දෙරට අතර සුහදතාවය වර්ධනය කරගන්නා ආකාරය සහ කලාපීය මෙන්ම ජාත්‍යන්තරව පැනනැගී ඇති  ත්‍රස්තවාදය සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS