මොසූල් ගොඩනගන්න එමිරේටයත්



ඉරාකයේ මොසූල් නගරය නැවත ගොඩනැගීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පළමු අන්තර්ජාතික සමුළුවට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහභාගි වන බව වාර්තා වේ.

මොසූල් නගරය නැවත ගොඩනැගීම, ව්‍යාපෘති ආරම්භ කිරීම, අන්තර්ජාතික අවධානය ලබාගැනීම, අධ්‍යාපන ආයතන ගොඩනැගීම සහ මොසූල් උරුමය ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කරගැනීම සමුළුවේ ප්‍රධාන අරමුණුවලින් කීපයක් වේ.

සමුළුවට සහභාගිවීම මූලෝපායික වශයෙන් එමිරේටයට වැදගත් බව එමිරේට්ස් සංස්කෘතික හා දැනුම සංවර්ධනය කිරීමේ අමාත්‍ය, නූරා මොහොමඩ් අල්-කාබී ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS