එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වැඩක් නැහැ



ගාසා තීරයේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පැහැදිලි වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘බිඳ වැටීම’ යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් චෝදනා කරයි.

ගාසා තීරයේදී පලස්තීනුවන් සියයකට ආසන්න පිරිසක් ඊශ්‍රායල හමුදා විසින් ඝාතනයට ලක් කෙරුණි. ඒ, ඇමෙරිකාව ඔවුන්ගේ තානාපති කාර්යාලය, ජෙරුසලමේ විවෘත කිරීමත් සමඟය.

පලස්තීනුවන් ඊට විරෝධය පෑ අතර ඔවුන්ට වෙඩි තැබීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කළේය. මෙය මහා සමූල ඝාතකයක් බව තුර්කි ජනාධිපති පෙන්වා දෙයි.

‘ඊශ්‍රායලය අමු අමුවේ මිනී මරනවා. ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිහඬයි. ඔවුන් ඒ වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිඳ වැටීමක් සිදුවෙලා. ඒ බව පැහැදිලියි.’

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS