ලෙබනන් පාර්ලිමේන්තු මැතිවරණය අද
දශකයකට පමණ පසු, අද (6) ලෙබනනයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි. ඒ, නව නව මැතිවරණ නීතිරීති යටතේය.
ඡන්ද ප්රකාශ කිරීමේ කටයුතු ලෙබනනයේ වේලාවෙන් උදෑසන 7 ට ආරම්භ වන අතර සවස 7 ට අවසන් වනු ඇතැයි පැවසෙයි.
මැතිවරණය පැවැත්වෙන්නේ ආසන 128 ක් වෙනුවෙනි. සියලුම ඡන්ද ප්රතිඵල හෙට (7) ප්රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ලෙබනන් මැතිවරණ කොමසාරිස්වරයා දන්වා ඇත.
(ඒ.එෆ්.පී.)