කශොග්ජී සිහි කෙරේ



ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී සිහිපත් කරමින් විශේෂ අවමංගල සැමරුම් රැසක් ලොව පුරා මුස්ලිම් රටවල පැවැත්විණි.

සෞදි අරාබියේ මක්කම නගරයේත්, මෙදීනා නගරයේත් එවැනි අවමංගල සැමරුම් සහ දේව යාච්ඤා පැවැත්වුණු බව ද වාර්තා වේ. මෙම අවමංගල සැමරුම් හැඳින්වෙන්නේ ‘සාලාත් අල් ඝාබී’  යනුවෙනි.

මදීනා නුවර මහම්මත්තුමාගේ ප්‍රධාන පල්ලියේ පැවැති එම යාච්ඤාව සහ දේවමෙහෙය ජමාල් කශොග්ජීගේ පුතු සාලා කශොග්ජීගේ මැදිහත් වීමෙන් සිදුවුණු බව වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS