ජෙරුසලම සේල් දාලා නෑ



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන 73 වැනි මහා මණ්ඩල සැසිය අමතමින්, පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් ඇමෙරිකාවට සහ ඊශ‍්‍රායලයට දොස් නැගුවේය.

පලස්තීන ජනාධිපති අබ්බාස් සිය කතාව ආරම්භ කළේ ‘ජෙරුසලම සේල් දාලා නැහැ’ කියාය. ජනාධිපති අබ්බාස් මෙසේ කියද්දී, සභාවේ සිටි සැවොම පාහේ මහ හඬින් අත්පොළසන් දෙන්න වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඊශ‍්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම වෙනුවට, ඇමෙරිකාව ඊශ‍්‍රායලයට පක්ෂපාතීව කටයුතු කිරීම පලස්තීන ජනාධිපතිවරයා හෙලා දැක්කේය. ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය යැයි පෙන්වා දෙමින්, ඇමෙරිකාව ඊශ‍්‍රායලයට රිසි පරිදි තීන්දු තීරණ ගැනීමට ඉඩ සලසා දී ඇති බවට ද පලස්තීන ජනාධිපති අබ්බාස් දොස් නැගුවේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS