කුවේටයට අධික වර්ෂා පතනයක්



කුවේටයට ඇද හැළෙන අධික වර්ෂා පතනය හේතුවෙන් අමාත්‍යාංශ සහ දෙපාර්තුමේන්තු තාවකාලිකව වසා දැමීමට කුවේට් රජය පියවර ගෙන තිබු බව වාර්තා වේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් පාසල්ද වසා දමන ලෙස කුවේට් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විදුහල්පතිවරුන්ට දැණුම් දී ඇත.

රාත්‍රියේ සිට උදෑසන වන තෙක් වර්ෂාපතනය පැවති අතර මාර්ග කීපයක්ද ජලයෙන් යට වී තිබු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS