සාකච්ඡා තහනම්



ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම තහනම් කරන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී පැවැසීය.

පූර්ව කොන්දේසි කිසිවක් නොමැතිව ඉරානය සමඟ සාකච්ඡා කිරීමට තමන් සූාදනම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඉරානයේ උත්තරීතර නායකයා ඒ බව ප්‍රකාශ කළේය.

“ඇමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වීම මම තහනම් කරනවා. සාකච්ඡා කිරීමේදී ඇමෙරිකා කිසිවිටෙක ඔවුන්ගේ පොරොන්දුවලට අවංක වෙන්නේ නැහැ. ඒවා නිකන් හිස් වචන විතරයි. සාකච්ඡා කරද්දි ඔවුන් ඔවුන්ගේ අරමුණුවලින් ඉවත් වෙන්නේ නැහැ” ඉරාන උත්තරීතර නායකයා උපුටා දක්වමින් එරට රාජ්‍ය රූපවාහිනි නාලිකාව නිවේදනය කළේය.

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS