ජෝදානයට මුදල් ආධාර



ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ජෝර්දානයට මුදල් ආධාර ලබා දීමට සෞදිය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය සූදානම් බව පැවැසෙයි.

මුදල් අධාර සහ ණය ලබා දීම සම්බන්ධයෙන් සෞදියේත් එක්සත් අරාබි එමීරයේත් මුදල් අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇති බව මැදපෙරදිග පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුදල් ආධාර ලබා දීම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර, ගිවිසුම් අත්සන් කිරීම සිදුවන්නේ ජෝර්දානයේ අම්මාන් අගනුවරදී, ජෝර්දාන මහ බැංකුව සමඟය.

(අල් ජසීරා)


RECOMMEND POSTS