ඉඞ්ලිබ් අතහැර යන්න



සිරියාවේ ඉඞ්ලිබ් පළාත අතහැර යන්නැයි එම පළාත අත්පත් කරගෙන සිටින ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ට තුර්කිය පවසා ඇත.

සිරියානු රජය මේ වනවිට සූදානමින් සිටින්නේ රුසියාව, ඉරානය සහ තුර්කියේ ද සහාය ලබාගෙන ඉඞ්ලිබ් පළාත මුදා ගැනීමය. ඉඞ්ලිබ් යනු සිරියාවේ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයේ පවතින අවසන් බලකොටුව ලෙස ද සැලකෙයි.

ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ට ඉඞ්ලිබ් පළාතෙන් යන්න අවසර දෙනවා. ඔවුන්ට කිසිවකුගෙන් අනතුරක් වෙන්නේ නැහැ. සිවිල් වැසියන්ට පාඩුවේ ඉන්න ඉඩදී වහා ඉඞ්ලිබ් පළාතෙන් පිටවී යන්න’ යැයි තුර්කි රජය පවසා ඇත.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පසුගිය දා රුසියාවට ගොස් රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සිරියාව සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීය. එහිදී, ඉඞ්ලිබ් සිවිල් වැසියන්ට අනතුරක් වීම වැළැක්වීමේ අරමුණින්, යුදමුක්ත කලාපයක් නිර්මාණය කිරීමට ද තුර්කි ජනාධිපතිවරයාගේත්, රුසියා ජනාධිපතිවරයාගේත් අවදානය යොමු විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS