ඊජිප්තු ජනපති දෙහි කපයි



සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය  මුල්කොට ගනිමින් දෙස් විදෙස් මාධ්‍ය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදීමකට පත් විය නොහැකි යැයි ඊජිප්තුව කියයි.

ජමාල් කශෝග්ජීට සිදුවුණේ කුමක්දැයි පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර, මාධ්‍ය විසින් සිදුවුණේ කුමක්දැයි සම්බන්ධයෙන් නිගමනයකට එලැඹී ඔවුන් විසින් පුවත් වාර්තා කිරීම පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වුණැයි ද ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල් සීසී පවසා ඇත. සෞදිය සහ ඊජිප්තුව අතරේ පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයකි.

සෞදිය එලැඹෙන වසර කිහිපය සඳහා ඊජිප්තුවට ඩොලර් බිලියන ගණනින් මුදල් ආධාර ලබා දීමට කටයුතු කර ඇති බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS