විලියම් කුමරු පලස්තීනයේ



ඊශ්‍රායල සංචාරය අවසන් කිරීමෙන් පසු විලියම් කුමරු පලස්තීන පාලන ප්‍රදේශය බලා පැමිණියේය.

බ්‍රිතාත්‍ය රජ පවුලේ සාමාජිකයකු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි.

පලස්තීනයට පැමිණි කුමරුන් උණුසුම් ලෙස පිළිගැනීමට පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් කටයුතු කළේය. ඒ, රාමල්ලා නුවරදීය.

ඊශ්‍රායලයේ සිට විලියම් කුමරු පලස්තීනය බලා පැමිණි විශේෂ රිය පෙරැහැරකිනි. ඒ, ඊශ්‍රායල හමුදාවේ විශේෂ ආරක්ෂාව යටතේය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට සම්බන්ධයෙන් පමණක් නොව, එම අර්බුදය සාමකාමී අයුරින් විසඳා ගැනීම සම්බන්ධයෙන් කුමරු පලස්තීන ජනාධිපති අබ්බාස් සමඟ සාකච්ඡා පැවැත්වීය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS