ඩිජිටල් කම්කරු උසාවි හතක්



සෞදි අරාබියේ නගර හතක ඩිජිටල් කම්කරු උසාවි හතක් 2019 දි පිහිටුවීමට අධිකරණ සහ සමාජ සංවර්ධන යන අමාත්‍යාංශ දෙක සහයෝගයෙන් කටයුතු කරන බව වාර්තා වේ.

කඩදාසි භාවිතයකින් තොරව නවීත තාක්ෂණය පමණක් යොදාගනිමින් වැඩකටයුතු සිදුකිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍යාංශය නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කළ බව උසස් නිලධාරියක් ප්‍රකාශ කළේය.

රියාද්, ජෙඩා, මක්කම, අභා, දම්මම් සහ මඩීනා යන නගරවල උසාවි පිහිටුවන බවත් අනුබද්ධිත කාර්යාල විසි හතක් සහ විශේෂ කම්කරු කාර්යාල නවයක් අභියාචනාධිකරණ තුල පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය, වලීඩ් අල්-සමානි ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.ඒන්. ඔන්ලයින්


RECOMMEND POSTS