කොන්සල් කාර්යාල වසා දමයි



ඉරාකයේ බස්රා නුවර තම කොන්සල් කාර්යාලය වසා දැමීමට, ඇමෙරිකාව තීරණය කළේය.

ඇමෙරිකාව මෙම තීරණය ගත්තේ ඉරාන හිතවාදී, ෂියා මුස්ලිම් සටන්කාමීන් තානාපති කාර්යාලයට එල්ල කළ රොකට් ප්‍රහාර හේතුවෙන් සහ එම ත්‍රස්තවාදීන්ගෙන් දිගටම එල්ල වන තර්ජන හේතුවෙනි.

එල්ල වුණු එම රොකට් ප්‍රහාරවලින් තානාපති කාර්යාලයට කිසිදු අනතුරක් සිදුනොවුණු නමුත් අසල පිහිටි ගුවන්තොටුපොළට හානි සිදුවුණු බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS