කුවේටයේ පාපන්දු තහනම ඉවතට



කුවේට් රාජ්‍යයට එරෙහිව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයපනවා තිබු තහනම ඉවත් කිරීමට අදාල ලිපියත් සමඟ සම්මේලනයේ සභාපති,ජියානි ඉන්ෆැන්ටිනෝ කුවේට් රාජ්‍යයට පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කළේය.

කුවේට් කථානායක, මර්ෂූක් අල්-ගානීම්, වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය සහ වැඩබලන යෞවන කටයුතු අමාත්‍ය, කාලීඩ් අල්-රවුඩාන් සභාපතිවරයාව කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේදී පිළිගෙන ඇති බව වාර්තා වේ.

තහනම ඉවත් කිරීමට අදාලව කරුණු පැහැදිලි කිරීමක් සභාපතිවරයා අමාත්‍යවරුන්ට සිදුකළ බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS