සාකච්ඡා සාර්ථකයි



යේමනයේ හවුති කැරැලිකරුවන් නියෝජනය කරන ‘හවුති නසරුල්ලා’ දේශපාලන කණ්ඩායමේ නායකයා සහ යේමනය සම්බන්ධයෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අතර හමුවක් පැවැත්විණි.

යේමනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත මාටින් ග්‍රිෆිත්ස් මේ වනවිට යේමනයේ සානා අගනුවරට පැමිණ සිටී.

මාටින් ග්‍රිෆිත්ස්, නසරුල්ලා නායක අබ්දුල් මලීක් අල් හවුතී හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. ඒ, යේමන අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමේ අරමුණින්ය.

යේමන පුවත් සේවා වාර්තා කළේ පැවැති එම සාකච්ඡා සාර්ථක වුණු බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා සහ නසරුල්ලා නායක අබ්දුල් මලීක් අල් හවුතී අතරේ එකඟතාවක් ඇතිවුණු බවත්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS