තානාපති කාර්යාලය අද විවෘත කෙරේ



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස නිල වශයෙන් පිළිගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදිහත් වී, ජෙරුසලමට මාරු කළ ඇමෙරිකන් තානාපති කාර්යාල විවෘත කිරීම අද (14) සිදුවෙයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ රජයේ අපේක්ෂාව වූයේ තානාපති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී වනු ඇතැයි කියාය.

කෙසේ නමුත් ට්‍රම්ප් වෙනුවට ඒ සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටින්නේ ට්‍රම්ප් දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා මෙන්ම ට්‍රම්ප්ගේ බෑණා ද වන ජෙරාඞ් කුෂ්නර්ය. මොවුහු දෙදෙනා ට්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS