තානාපති කාර්යාලය ජෙරුසලමට



ඊශ‍්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගනිමින්, තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරන බව බ‍්‍රසීලයේ නව ජනාධිපති ජායිර් බොල්සොනාරෝ පවසා ඇත.

තමා බ‍්‍රසීල ජනාධිපති ධුරයට පත්වුවහොත් නව විදෙස් ප‍්‍රතිපත්ති රැුසක් අනුගමනය කරන බව අන්ත දක්ෂිණාංශික ජායිර් බොල්සොනාරෝ පවසා තිබුණි.

ඊශ‍්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගනිමින්, ටෙල් අවීව් නුවර පිහිටුවා ඇති බ‍්‍රසීල තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරන බවට ද ජායිර් බොල්සොනාරෝ දුන් ඡුන්ද පොරොන්දුවක් විය.

බ‍්‍රසීල නව ජනාධිපතිවරයා ගත් තීරණය ප‍්‍රශංසනීයය යැයි දුරකතන ඇමැතුමක් දී සුබ පැතීමෙන් පසු ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා තිබේ.

ඊශ‍්‍රායලයේ අගනුවර ජෙරුසලම යැයි නිල වශයෙන් පිළිගනිමින්, තම තානාපති කාර්යාලය එරටට මාරු කළ පළමු රට ඇමෙරිකාවය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගත් එම තීරණය ලොව බොහෝ රටවල විරෝධයට හේතුවක් විය.

පසුගිය දා  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් පවා ප‍්‍රකාශ කර තිබුණේ  ඕස්ටේ‍්‍රලියාව ද ඔවුන්ගේ තානාපති කාර්යාලය ටෙල් අවීව් සිට ජෙරුසලමට මාරු කරන බවත් ජෙරුසලම  ඕස්ටේ‍්‍රලියාවේ අගනුවර ලෙස පිළිගන්නා බවත්ය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS