යෝජනාවට ඇමෙරිකාවේ විරෝධය



ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, කුවේට් රාජ්‍යය මැදිහත් වී කෙටුම්පත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඇමෙරිකාව සිය නිෂේධ බලය භාවිතා කරමින් ඊට විරෝධය පළ කළේය.

කුවේට් රාජ්‍යය පලස්තීනුවන්ගේ ආරක්සාව වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාවට රුසියාව, චීනය, ප්‍රංශය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල් අනුමැතිය ලබා දුන්නේය. එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

ඇමෙරිකාව මෙසේ සිය නිෂේධ බලය පාවිච්චි කරමින්, යෝජනාවට විරෝධය පළ කිරීම හරහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ‘විශ්වාසනීයත්වය’ පිරිහී ඇති බව පෙනී යන්නේ යැයි එක්සත් ජාතීන්ගේ පලස්තීන තානාපති රියාද් මන්සූර් පවසා ඇත. ඇමෙරිකාව මෙම යෝජනාවට විරෝධය පළ කළේ ඊශ්‍රායලයට පක්ෂපාතීව ඊට සහාය පළ කරමින්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS