පාපන්දු සම්මේලනයේ සභාපති සූර්ච් නුවර



ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර නිල සංචාරයක යෙදෙන කටාර් පා පන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් හමාද් බින් කලීෆා බින් හමාද් අල් තානී, ලෝක පා පන්දු සම්මේලන මූලස්ථාන කාර්යාලයේදී ලෝක පා පන්දු සම්මේලන සභාපති ජියානී ඉන්ෆටීනෝ හමුවී සාකච්ඡා පැවැත්වීය.

පා පන්දු සම්බන්ධයෙන් පමණක් නොව, වසර 2022 දී කටාරයේ දෝහා කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ කටයුතු කෙසේ සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් ද ෂෙයික් හමාද් බින් කලීෆා බින් හමාද් අල් තානී සහ ජියානී ඉන්ෆටීනෝ අතරේ සාකච්ඡා කෙරුණි.

කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් හටගෙන ඇති අර්බුදය හේතුවෙන්, සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීරය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යයට සම්බාධක පැනැවීමක් සිදු කර ඇත. ඊට අමතරව, ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ කටාර් රාජ්‍යය සමඟ සියලු ගනුදෙනු නවතා දැමීමට ද කටයුතු කර ඇත.

2020 වසරේ පැවැත්වීමට නියමිත පා පන්දු කුසලානයට එම ‘සම්බාධක’ බාධාවක් නොවන බවත්, ක්‍රීඩාංගන ඉදිකිරීමේ කටයුතු නියමිත පරිදි සිදුවන බවත් ෂෙයික් හමාද් බින් කලීෆා බින් හමාද් අල් තානී ලෝක පා පන්දු සම්මේලන සභාපතිවරයාට පෙන්වා දුන්නේය.

කටාර් අර්බුදයේදී කටාරය ගැන විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ද ලෝක පා පන්දු සම්මේලනයේ සභාපතිවරයාට ස්තුති කිරීමට ද ෂෙයික් හමාද් බින් කලීෆා බින් හමාද් අල් තානී අමතක නොකළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS