ත්‍රස්ත ප්‍රහාරයෙන් 84 ක් මරුට
ඉරාකයේ සුන්නි මුස්ලිම් ත්රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ෂියා මුස්ලිම් වන්දනාකරුවන් ද ඇතුළු 84 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිප දෙනකු පැමිණ ඇතැයි ද පැවැසෙයි. ප්‍රහාරයෙන් මියගිය ෂියා වන්දනාකරුවන් අතරේ ඉරාන ජාතිකයන් ද සිටින බව වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වූයේ ඉරාකයේ නසිරියා නමැති නගරයේය. ත්රස්තවාදීන් එල්ල කළ එම ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 93 ක් යැයි ද පැවැසෙයි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)