ත්‍රස්ත ප්‍රහාරයෙන් 17 ක් මරුට



ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 28 ක් යැයි පැවැසෙයි.

ප්‍රහාරය එල්ල වූයේ බැග්ඩෑඞ් අගනුවර නහ්රාවාන් නමැති දිස්ත්‍රික්කයටය. ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවෝ දෙදෙනක් පැමිණියහ.

පළමුවෙන් ඔවුන් නහ්රාවාන් දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් වෙඩි තබා ඇත. බෝම්බ පුපුරුවා ගෙන ඇත්තේ ඉන් පසුවය.

තුවාල ලැබූවන් අතර ඉරාක ආරක්ෂක අංශ සාමාජිකයන් ද සිටින බවත් වාර්තා වේ. තුවාල ලැබූ සිවිල් වැසියන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS