රොව්හානි නව කැබිනට් මණ්ඩලය පත් කරයි



දෙවැනිවරට ඉරානයේ ජනපති ධුරයට පත්වුණු හසන් රොව්හානි ඊයේ (8) නව කැබිනට් මණ්ඩලය පත් කළ අතර ඊට කාන්තාවන් කිසිවකු ඇතුළත් නොවන බව වාර්තා වේ.

කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ නොසිටීම සම්බන්ධයෙන් නව ජනපති රොව්හානිට විවේචන එල්ල වී ඇත.

ඊට හේතුව රොව්හානි මධ්‍යස්ථමතධාරියකු ලෙස ක්‍රියා කරන බවට පොරොන්දු වී ඇති නිසාය.

1979 වසරේ ඉරානයේ සිදුවුණු ඉස්ලාමීය විප්ලවයෙන් පසු එරට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක් දකින්න ලැබී ඇත්තේ එකම එක අවස්ථාවක පමණි.

එපමණක් නොව, ඉරාන පාර්ලිමේන්තුවේ සුන්නි මුස්ලිම් නියෝජනයක් පවතින්නේ ද ඉතා අඩුවෙනි. ඉරානය ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි. පාර්ලිමේන්තුවේ සුන්නි මුස්ලිම් නියෝජනය සියයට 10 ක් පමණි.

(බී.බී.සී.)


RECOMMEND POSTS