සිරියානු රජය සමඟ එකඟතාවක්



සිරියාවේ උතුරු දෙසින්, තුර්කියට මායිම්ව පිහිටි ඇෆ්රින් පළාතේ බලය අල්ලා ගෙන සිටින කුර්දි බෙදුම්වාදී සටන්කාමීන්, සිරියානු රජය සමඟ එකඟතාවක් ඇති කරගත් බව මැදපරදිග පුවත් සේවා වාර්තා කරයි.

ඇෆ්රින් පළාතේ කුර්දි බෙදුම්වාදී සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කර ඇත්තේ තුර්කියයි. ඇෆ්රින් පළාතේ සිරියානු රජයට හෝ හමුදාවට කිසිදු බලයක් නැත. තුර්කිය මැදිහත් වූයේ ඒ අනුවය.

තුර්කි හමුදා මේ වනවිට දේශසීමා හරහා සිරියාවේ ඇෆ්රින් පළාතට පැමිණ කුර්දි බෙදුම්වාදී සටන්කාමීන්ට එරෙහිව යුද වදී. ඒ, සිරියානු රජයේ අනුමැතිය සහ අවසරය ඇතිව, ජාත්‍යන්තර නීතිරීතිවලට අනුවය.

තුර්කි හමුදාව ආරම්භ කළ එම මෙහෙයුම හැඳින්වෙන්නේ ‘ඔලිව් බ්‍රාන්ච්’ නමිනි. කුර්දි බෙදුම්වාදීන් ත්‍රස්තවාදීන් ලෙස තුර්කිය සලකයි. කුර්දි බෙදුම්වාදීන්ට සහාය දක්වන්නේ ඇමෙරිකාවය.

මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරන අන්දමට කුර්දි බෙදුම්වාදීන්, සිරියානු රජයේ සහාය ඉල්ලා ඇත. ඒ, ඔවුන්ට පහර දෙන තුර්කි හමුදාවලට එරෙහිවය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS