ඉන්දියාව සමඟ මිතුදම් ශක්තිමත්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීමත් සමඟ හටගත් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසුමේදී, ඉන්දියාව ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් ඡනදය ප්‍රකාශ කළත්, එය ඉන්දු ඊශ්‍රායල සබඳතාවලට බාධාවක් නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉන්දියාවේ නවදිල්ලි බලා පැමිණියේය. නවදිල්ලිය බලා පැමිණි අවස්ථාවේ පටන් අගමැති නෙදන්යාහුට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් හමුවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැයි පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් පසු, හටගත් අර්බුදය ගැන සලකා ඉන්දියාවට පැමිණෙන ඊශ්‍රායල අගමැතිවරයාට ‘රතු පළස’ පිළිගැනීමක් පවත්වන්නේ නැතැයි ඉන්දීය රජය මීට සති කිහිපයකට පෙර පවසා තිබුණි. කෙසේ නමුත් ඊයේ ඉන්දීය අගමැති මෝදි විසින් ඊශ්‍රායල අගමැතිවරයා පිළිගැනීම සිදුවූයේ රතු පළස මතිනි.

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු මෙම ඉන්දීය සංචාරයට එක් වී සිටින්නේ බිරිය සේරා ද සමඟය. දෙදෙනා නවදිල්ලියේ ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද අමතක නොකළාහ.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS