ඇබ්බැහිය වැඩි වෙලා



කුවේට් දරුවන්ගෙන් 2.7%ක් දුම්පානයට ඇබ්බැහි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති ලෝක දුම්කොල විරෝධි දිනය (මැයි 31) නිමිත්තෙන් සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීමට කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේය.

පිරිමි දරුවන්ගෙන් 3.1%ක්ද ගැහැණු දරුවන්ගෙන් 2.3%ක් දුම්පානයට ඇබ්බැහි වී ඇති බව වාර්තා වේ.

කුවේටයේ දුම්පානයඉහළ යමින් ඇති අතර ප්‍රතිශතයක් ලෙස පිරිමි 39.2%කින්ද කාන්තාවන්  3.3%කින් මේවනවිටදුම්පානයට ඇබ්බැහි වී ඇත. 

අවුරුදු 13-15 අතර වයසේ පසුවන දරුවන්ගෙන් 15.7%ක් දුම්පානයට ඇබ්බැහි වී ඇති බව වාර්තා වේ.

කුවේටයේ පිරිමින් දිනකට සිගරට් 20ක්ද කාන්තාවන් 8ක් පානය කරන අතර පිරිමින් වයස අවුරුදු 17දීත් කාන්තාවන් 20දි දුම්පානයට ඇබ්බැහි වන බව සොයාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS