බවුසරයක් බසයක ගැටී 19 මරුට



මධ්‍යම ඉරානයේ මාර්ගයක ගමන් ගත් තෙල් බවුසරයක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයන් දහනවදෙනෙක් (19) ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

මාර්ගයේ ධාවනය වු බස් රථයක තෙල් බවුසරයක්ගැටී ඇති බවත් ගැටෙනවාත් සමගම ගිනි ජාලාවක් හටගෙන බස්රථය සහ බවුසරය ගිනිගත් බවත් පුද්ගලයන් දහනවදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වු බව ඉරාන රථවාහන පොලිසියේ අණදෙන නිලධාරී, ජෙනරාල් මොහොමඩ් හුසේන් හමීඩි ප්‍රකාශ කළේය.

ගිනිනිවන භටයන් අනතුර සිදු වු ස්ථානයට පැමිණ මහත් පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර තුවාලකරුවන්ද රෝහල් ගත කර ඇත. 

මාර්ග අනතුරුවලින් වාර්ෂිකව පුද්ගලයන් 16,300 සංඛ්‍යාවක් මියයන අතර 336,000ක් තුවාල ලබන බව වාර්තා වේ.

ලෝකයේ මාර්ග අනතුරුවලින් වැඩිම සංඛ්‍යාවක් මියයන්නේ ඉරානයේ බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

අපරීක්ෂාකාරී රිය ධාවනය, නිසි නඩත්තුවක් නැති මාර්ග පද්ධතය, යල්පැන ගිය තාක්ෂණය භාවිතා කර ගෘහස්ථව නිර්මාණය කරගත් වාහන භාවිතයසහ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා ඇති සම්බාධක මාර්ග අනතුරු ඉහළ යෑමට හේතු වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS