අනතුරින් මූදට තෙල් කාන්දුවක්



නැගෙනහිර චීන මුහුදේ, ඉරාන තෙල් නැවක් සහ භාණ්ඩ ප්‍රවාහන නැවක් ගැටීමෙන් සිදුවුණු අනතුරිනන් පසු, ඉරාන නැවෙන් තෙල් කාන්දුවීමක් සිදුවන බව චීන වෙරළාරක්ෂකයෝ කියති.

මෙම තෙල් කාන්දුව පාලනය කිරීමට උත්සාහ ගන්නා නමුත් අනතුරින් පසු තෙල් නැවේ පිපිරීම් සිදුවන බව ද වාර්තා වේ.
මුහුදට තෙල් කාන්දු වුවහොත් සාගර විනාශයක් සිදුවීමේ අවදානමක් පවතින බව ද පැවැසෙයි.

‘සැන්චී’ නමැති එම තෙල් නැවේ කාර්ය මණ්ඩලයට ඉරාන මෙන්ම බංග්ලාදේශ ජාතිකයෝ ද අයත් වූහ. අනතුරින් තිස් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS