ඊශ්‍රායල රහස් ඔත්තු නිලධාරීන් බලන් ඉදලා



රුසියානු පරිගණක හැකර්වරුන්, ‘කැස්පර්ස්කි’ සයිබර් ආරක්ෂක වැඩසටහන් හරහා ඇමෙරිකන් බුද්ධි අංශ තොරතුරු සොරකම් කළ බවටත්, ඒ බව දැනගෙන ඊශ්‍රායල බුද්ධි අංශ කිසිවක් නොකර බලන් සිටි බවත් තොරතුරු අනාවරණය වී ඇත.

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව අතර පවතින්නේ සමීප මිත්‍රත්වයකි. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවක් ද පවතී.

ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ රුසියානු හැකර්වරුන්ගේ ක්‍රියාව ගැන දැනදැනත්, ඒ බව ඇමෙරිකාවට නොදන්වා සිට ඇත්තේ, ඔවුන්ට ද ඇමෙරිකාවේ බුද්ධි අංශ රහස් ලබා ගැනීමට යැයි ද අනාවරණය වී ඇත.

මේ බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස් පුවත්පත්ය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS