මෙහෙයුම් තවත් පුළුල් වෙයි



සිරියානු රජයේ හමුදා සටන්කාමීන්ට එරෙහි සිය හමුදා මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩෙරා පළාතේ ප්‍රදේශ රැසක පාලන බලය අත්පත් කරගැනීමටත් ඔවුන් සමත් වී තිබේ.

සටන්කාමීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් නිරිතදිග සිරියාවේ ඩෙරා නගරය හැරගොස් තිබේ.

ඒ ඔවුන් යටත් වන බවට පසුගිය සතියේ එකඟ වූ සටන් විරාමයකින් අනතුරුවයි.

බස්රථවල නැඟී සිය පවුල්වල සාමාජිකයින් සමඟ සටන්කරුවන් ඩෙරා නගරය අතහැර යන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහිව රාජ්‍ය විරෝධී විප්ලවය ආරම්භ වූ නිජබිම ලෙස සැළකෙන්නේ ඩෙරා නගරයයි.

මේ අතර සිරියානු රජයේ හමුදා රටේ නිරිතදිගට සීමා වී තිබූ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බවද වාර්තා වෙයි.

රුසියානු හමුදාවන්ගේ සහය ඇතිව සටන් වදින  සිරියානු රජයේ හමුදා මේ වනවිට ඩෙරා පළාතේ ප්‍රදේශ රැසක බලය අත්පත් කරගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා)
අල්ජසීරා.


RECOMMEND POSTS