ට්‍රම්ප් බෑණා කුෂ්නර් මැදපෙරදිග සංචාරයක



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාගේ සැමියා මෙන්ම, ට්‍රම්ප්ගේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරන ජෙරාඞ් කුෂ්නර් පසුගිය දා මැදපෙරදිග සංචාරයක නැයැලුණේය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත් මැදපෙරදිග අර්බුදයට විසඳුමක් සෙවීම මෙම සංචාරයේ එක් අරමුණක් යැයි කුෂ්නර් පවසා ඇත. 

පසුගිය අඟහරුවාදා කුෂ්නර් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. කෘෂ්නර් සහ පලස්තීන නායක මොහොමද් අබ්බාස් අතරේ සාකච්ඡා පැවැත්වූයේ ඉන්පසුවය.

කෙසේ නමුත් ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් කුෂ්නර් කිසිවක් පවසා නැත.

(අල් ජසීරා)


RECOMMEND POSTS